මසුන් ඇල්ලීමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් නාවික හමුදාව සොයා ගැනේ

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් විසින් ඊයේ (මාර්තු 11) සාගරපුර වෙරළ තීරයේ සිදු කළ සෝදිසි කිරීමකදි සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගන්නා ලදී. එහිදී, වොටර් ජෙල් කූරු 02 ක්, විදුලි නොවන ඩෙටනේටර් 08 ක් සහ ආරක‍්‍ෂිත වෙඩි නූල් 05 ක් සොයා ගන්නා ලද අතර, එම පුපුරණ ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකා නාවික නෞකා වලගම්බා ආයතනයේ ආරක්‍ෂිතව ගබඩා කිරීමට කටයුතු කරන ලදී.