දියේ ගිලී මිය ගිය පුද්ගලයෙකුගේ මෘත දේහයක් නාවික හමුදාව විසින් සොයා ගැනේ

වත්තල, ප්‍රීතිපුර වෙරළ තීරයේ දිය නෑමට ගොස් දියේ ගිලී අතුරුදහන්ව සිටි පුද්ගලයෙකු සොයා නාවික හමුදාව විසින් කිමිදුම් මෙහෙයුමක් ඊයේ (මාර්තු 10) ක්‍රියාත්මක කළ අතර, ඒ අනුව අද උදෑසන එම පුද්ගලයාගේ මෘත දේහය සොයා ගැනීමට නාවික හමුදාව සමත්ව ඇත.

වත්තල, ප්‍රීතිපුර වෙරළ තීරයේ පුද්ගලයෙකු දිය නෑමට ගොස් දියේ ගිලී අතුරුදන් වී ඇති බව වත්තල, පොලිසිය විසින් නාවික හමුදා මුලස්ථානය වෙත සිදු කළ දැනුම් දීමකට අනුව, ක්‍ෂණිකව ක්‍රියාත්මක වු නාවික හමුදාව බටහිර නාවික විධානය‍ට අනුයුක්ත 06 දෙනෙකුගෙන් යුතු නාවික කිමිදුම් කණ්ඩායමක් එම ස්ථානය වෙත පිටත් කර යැවීමට කටයුතු කරන ලදී. ඒ අනුව මහත් පරිශ්‍රමයක් දරා දිය යට සැඟව තිබූ එම පුද්ගලයාගේ මෘත දේහය සොයා ගන්නා ලද අතර, මෘත දේහය පිළිබඳ වැඩිදුර විමර්ෂණ කටයුතු සඳහා වත්තල, පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.