ධීවර අවසරපත් නොමැතිව මසුන් ඇල්ලු පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් ඊයේ (මාර්තු 10) වාලච්චේනේ කළපු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ මුර සංචාරයකදි ධීවර අවසරපත් නොමැතිව මසුන් ඇල්ලූ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබූ ඩිංගි යාත්‍රාවක් සහ ධීවර දැලක් නාවික හමුදා භාරයට ගෙන ඇත.

ඒ අනුව, අත්අඩංගුවට ගත් පුද්ගලයින්, යාත්‍රාව සහ ධීවර දැල ඉදිරි නීතිමය කටයුතු සඳහා මඩකළපුව, සහකාර ධීවර අධ්‍යක්‍ෂ කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.