නාවික හමුදාව තහනම් ධීවර දැලක් සොයා ගැනේ

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (මාර්තු 10) ත්‍රිකුණාමලය, වේරුගල් මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී නිතිවිරෝධි ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැලක් සොයා ගැනීමට සමත්ව ඇත. එම ධීවර දැල අඩි 180 ක් පමණ දිගකින් යුක්ත වන අතර, අදාල ධීවර දැල ඉදිරි නීතිමය කටයුතු සඳහා මුතුර්, ධීවර පරික්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.