උතුරු මුහුදේ පාවෙමින් තිබූ බීඩී කොළ තොගයක් නාවික හමුදාව සොයා ගැනේ

උතුරු නාවික විධානයට අයත් වෙරළ බඩ මුර යාත්‍රාවකට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (මාර්තු 10) ඩෙල්ෆ්ට් දුපතට දකුණු දෙසින් වූ ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී මුහුදේ පාවෙමින් තිබූ බීඩී කොළ කිලෝග්‍රෑම් 39.8 ක ප්‍රමාණයක් සොයා ගැනීමට සමත් විය. අදාල බීඩී කොළ තොගය ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.