කපිතාන් (ජලමානක) කෝසල වර්ණකුලසූරිය මහතා ශ්‍රීලංනානෞ සයුර නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සයුර නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් (ජලමානක) කෝසල වර්ණකුලසූරිය මහතා අද (පෙබරවාරි 18) වැඩ භාර ගන්නා ලදී.
නෞකාවේ හිටපු අණදෙන නිලධාරී කපිතාන් (අවි) චමින්ද නවරත්න මහතා විසින් කොළඹ ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනයේදී නිල වශයෙන් එතුමන් වෙත අණදෙන නිලධාරී ධූරයේ රාජකාරීන් භාර දීමට කටයුතු කෙරිණි. එම අවස්ථාව සඳහා ධජ නිලධාරී නාවික දියත් විධානය, රියර් අද්මිරාල් ආනන්ද ගුරුගේ මහතා ද සහභාගී විය. නව අණදෙන නිලධාරීතුමන්ගේ අංශ පිරික්සීමෙන් අනතුරුව එම කර්තව්‍යයන් නිමාවට පත් කරන ලදී.