කේරළ ගංජා කිලෝග්‍රෑම් 2 ක් සමග පුද්ගලයෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගනී

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ දින (පෙබරවාරි 14) ශ්‍රී ලංකා නාවික නෞකා කංචදේව ආයතනයේ ප්‍රධාන දොරටුව ඉදිරිපිට මාර්ගයේ යතුරුපැදියකින් ගමන්කරමින් සිටියදී මෙම සැක කටයුතු පුද්ගලයා පරීක්‍ෂාවට ලක්කර ඇති අතර, එහිදී ඔහු‍ගේ ගමන්මළුවේ තිබී කේරළ ගංජා ක්‍රිලෝ ග්‍රෑම් 02 ක්, රුපියල් 4,610 ක මුදලක් ද ප්‍රවාහනය සඳහා භාවිතාකළ යතුරුපැදිය ද නාවික හමුදා භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා, කේරළ ගංජා තොගය, මුදල් සහ යතුරුපැදිය ඉදිරි නීතිමය කටයුතු සඳහා කයිට්ස්, පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.