නීති විරෝධි ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටට පැමිණි ඉන්දීය ජාතිකයෙකු නාවික හමුදා අත්අඩංගුවට

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (පෙබරවාරි 14) දින තලෙයිමන්නාරම, ඌරුමලේ ප්‍රදේශයේදී සැකකටයුතු පුද්ගලයෙකු සෝදිසි කිරීමේදී එම පුද්ගලයා ඉන්දීය ජාතිකයෙකු බව තහවුරු කරගෙන ඇති අතර, ඔහු සතුව තිබී කේරළ ගංජා මිලි ග්‍රෑම් 1200 ක පුමාණයක්, ජංගම දුරකතනයක්, සිම් පත් 02 ක්, පාස්පෝටි ප්‍රමාණයේ ඡායාරූප 03 ක්, ඉන්දියන් රුපියල් 20 ක් සහ ශ්‍රී ලංකා රුපියල් 200 ක් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා, කේරළ ගංජා ප්‍රමාණය, අනෙකුත් උපකරණ හා මුදල් ඉදිරි නීතිමය කටයුතු සඳහා තලෙයිමන්නාරම, පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.