ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් ඊයේ (පෙබරවාරි 12) උප්පුරල් ප්‍රදේශයේ පාමුර සංචාරයක නිරතව සිටියදී සැක කටයුතු පුද්ගලයෙකු සොදිසි කිරීමට ලක්කර ඇති අතර, එහිදී එම පුද්ගලයා සතුව තිබී දේශීය ගිනිඅවියක්, ගිනිපෙට්ටි 47 ක් සහ ඊයම් බෝල 53 ක් අත්අඩංගුවට ගෙන ඇත. .

ඒ අනුව, අත්අඩංගුවට ගත් පුද්ගලයා, ගිනි අවිය, ගිනි පෙට්ටි සහ ඊයම් බෝල ඉදිරි නීතිමය කටයුතු සඳහා සේරුනුවර, පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරුණි.