නාවික හමුදාධිපතිතුමන්ගේ උතුරු මැද නාවික විධාන සංචාරය

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා පසුගිය පෙබරවාරි 10 සහ 11 යන දෙදින උතුරු මැද නාවික විධානයේ සංචාරයක නිරත විය. එහිදී උතුරු මැද නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මුදිත ගමගේ මහතා විසින් නාවික හමුදාධිපතිතුමන් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

පළමුව නාවික හමුදාධිපතිතුමන් පූනෑව, ශ්‍රීලංනානෞ ශික්ෂා නාවික පුහුණු පාසල් ප්‍රධාන සරඹ පිටියේදී අංශ පිරික්ෂුමක් පැවැත්විය. අනතුරුව, ශික්ෂා ආයතනයට අංග සම්පුර්ණ නව මුළුතැන්ගෙයක් ඉදිකිරිම සඳහා මුල්ගල තැබිමටත්, ශ්‍රීලංනානෞ පණ්ඩුකාභය ආයතනයේ කණිෂ්ඨ නාවික නිවාසයක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමටත්, උතුරු මැද නාවික විධානය නියෝජනය වන පරිදි පැමිණ සිටි නාවික පුද්ගලයින් ඇමතීමට කටයුතු කෙරිණි. අනතුරුව එතුමා ක්ෂණික ප්‍රතිචාර මුදවා ගැනීමේ හා සහන සැළසීමේ ඒකකයේ ජීවිතාරක්ෂක උපකරණ ගබඩාංගනය නිරීක්ෂණය කිරීම සඳහා ද එක්විය. අවසන් වශයෙන් නාවික හමුදාධිපතිතුමා වංකාලෙයි හි පිහිටි ශ්‍රීලංනානෞ පුස්සදේව ආයතනයේ සංචාරයේ නිරත වූ අතර, එම අවස්ථාවන් සනිටුහන් කරමින් අඹ පැල රෝපණය කිරීමට ද නාවික හමුදාධිපති තුමන් විසින් කටයුතු කෙරිණි.

පසු දින තලෛයි මන්නාරම, ශ්‍රීලංනානෞ තම්මැන්නා අායතනයේ අඹ පැලයක් රෝපණය කරමින් නැවතත් සංචාරය ආරම්භකළ නාවික හමුදාධිපතිතුමන් වැලි පර 4 හී නිරික්‍ෂණ චාරිකාවේ නිරතවිය. අනතරුව නාවික අනුඛණ්ඩ තාල්පාඩු, නාවික අනුඛණ්ඩ ඕළුතුඩුවායි නිරික්‍ෂණ චාරිකාවේ නිරතවු අතර, අවසන් වශයෙන් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා එක් විය. එහිදී එම චාරිකාවාරය සනිටුහන් කරනු වස් එතුමන් විසින් පොල් පැලයක් ද රෝපණය කරන ලදී.

මෙම අවස්ථාවන් සඳහා උතුරු මැද නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් මුදිත ගමගේ මහතා, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, උතුරු මැද නාවික විධානයට අයත් ආයතනයන්හි අණදෙන නිලධාරීන් ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී වී සිටියහ.