නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයින් 11 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් ඊයේ (පෙබරවාරි 05) කල්පිටිය, සින්නපාඩු මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබූ තහනම් දැල් 02 ක්, ඩිංගි යාත්‍රා 04 ක් සහ අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 2487 ක් නාවික හමුදා භාරයට ගෙන ඇත. ඒ අනුව, අත්අඩංගුවට ගත් පුද්ගලයින්, තහනම් දැල්, යාත්‍රා, මසුන් තොගය සහ අනෙකුත් ධීවර ආම්පන්න, ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම, ධීවර පරික්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

තවද, පසුගිය පෙබරවාරි 02 වන දින මෙම ප්‍රදේශයේදීම නීතිවිරෝධි දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ ධිවරයින් 13 ක් සහ ඩිංගි යාත්‍රා 04 ක් නාවික හමුදා අත්අඩංගුවට ගැනිමට සමත් විය. මෙවැනි ක්‍රියාකාරකම් මැඩපැවැත්විම සඳහා රජයේ මඟ පෙන්වීම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව පෙරමුණ ගෙන කටයුතු කරමින් සිටින අතර, සාගර මත්ස්‍ය සම්පත රැක ගැනීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටි.