දකුණු නාවික විධානය භාර ආඥාපති දකුණු පළාත් ආණ්ඩුකාරතුමන් හමුවෙයි
දකුණු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් කපිල සමරවීර මහතා ඊයේ (ජනවාරි 21) දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී දකුණු පළාත් ආණ්ඩුකාර, ගරු කීර්ති තෙන්නකෝන් මැතිතුමා හමුවිය.
පළමුව දකුණු නාවික විධානය භාර ආඥාපතිතුමා විසින් අභිනවයෙන් පත්වීම ලද ආණ්ඩුකාරතුමන් වෙත සිය සුභාසිංශන එක් කළ අතර, ඉන් අනතුරුව ඔවුන් සුහද පිළිසඳරක නිරත විය. එහිදී ප්‍රදේශයේ ආරක්ෂාව සම්බන්ධයෙන් නාවික හමුදාව සතු කාර්ය භාරය පිළිබද ආඥාපතිතුමන් විසින් ආණ්ඩුකාරතුමන් දැනුවත් කරන ලදී. එම නිල හමුව සනිටුහන් කරමින් දකුණු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් කපිල සමරවීර මහතා විසින් ආණ්ඩුකාරතුමන් වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදී.






