ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් (04) නාවික හමුදා අත්අඩංගුවට
 

ශ්‍රී ලංකා මුහුදු තීරයේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙ‍‍කු (04) සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාව අද (ජනවාරි 07) උතුරු මුහුදේ ඩෙල්ෆ්ට් දුපතට ආසන්නයේදී නාවික හමුදාව මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

අත් අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් පිරිස කන්කසන්තුරේ ශ්‍රී ලංකා නාවික නෞකා ‘උත්තර’ ආයතනය වෙත රැගෙනවිත් වෛද්‍ය පරීක්‍ෂණයකට භාජනය කිරීමෙන් අණතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට කටයුතු කෙරිණි.