වැදගත් සිදුවීම්
නාවික හමුදාව සාගරික පරිසර පද්ධති සුරැකීමට දායක වෙමින් කඩොලාන පැල ලක්ෂයක් රෝපණය කිරීමේ කඩයිම පසු කරයි

ශ්‍රී ලංකාවේ සාගරික සහ ගොඩබිම් පරිසර පද්ධතීන් සුරැකීම සදහා සුවිශේෂී දායකත්වයක් ලබා දෙනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදාව, කඩොලාන පරිසර පද්ධති ව්‍යාප්ත කිරීමේ වැඩසටහන යටතේ මේ වන විට කඩොලාන පැල ලක්ෂයක් රෝපණය කිරීමේ කඩයිම පසු කිරීමට සමත් වී ඇත.
23 Feb 2018
උතුරු නාවික විධානය භාර ආඥාපතිතුමන් අතින් ඉදිකිරීම් කිහිපයක් විවෘත කෙරේ

උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතා විසින් සිය ආඥාපති ධූරයේ අවසන් කඳවුරු චාරිකාවාරය ඊයේ (පෙබරවාරි 22) සිදු කළ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් කන්කසන්තුරය ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයේ අභිනව ඉදිකිරීම් කිහිපයක් එතුමන් විසින් විවෘත කරන ලදී.
23 Feb 2018
කොමදෝරු ආනන්ද ගුරුගේ ධජ නිලධාරී නාවික දියත් විධානය වශයෙන් වැඩ භාර ගනී

කොමදෝරු ආනන්ද ගුරුගේ මහතා ඊයේ (පෙබරවාරි 22) ධජ නිලධාරී නාවික දියත් විධානය වශයෙන් වැඩ භාර ගන්නා ලදී.
23 Feb 2018
ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය මහකොමසාරිස්තුමන් නැගෙනහිර නාවික විධානය භාර ආඥාපතිතුමා හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහකොමසාරිස් ටිම් හගින්ස් මහතා ඊයේ (පෙබරවාරි 22) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිමල් සරත්සේන මහතා හමුවිය.
23 Feb 2018