ශ්‍රීලංනානෞ රණරිසි නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් යසන්ත ද සිල්වා වැඩ භාර ගනී
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු මුර සංචාරක නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා රණරිසි නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් යසන්ත ද සිල්වා අද (ඔක්‍‍තෝම්බර් 23) වැඩ භාර ගන්නා ලදී.

කන්කසන්තු‍රේ ශ්‍රිලංනා‍නෞ උත්තර ආයතන‍යේ අංක 01 ජැටියේ දී නාවික හමුදා සම්ප්‍රදායානුකූලව නෞකාවේ හිටපු අණදෙන නිලධාරී, කොමාණ්ඩර් ප්‍රදීප් ආරියරත්න මහතා විසින් නව අණදෙන නිලධාරීතුමන් වෙත සිය රාජකාරීන් නිසි ලෙස භාර දීම සිදු කෙරිණි. මෙම අවස්ථාව සඳහා ධජ නිළධාරී නාවික දියත් විධාන‍ය, රියර් අද්මිරාල් කපිල සමරවීර මහතා ද සහභාගී විය. රණරිසි නෞකාවේ හිටපු අණදෙන නිලධාරී සහ නව අණදෙන නිලධාරීගේ අංශ පිරික්සුමෙන් අනතුරුව එම කර්තව්‍යයන් නිමාවට පත් විය.