වැදගත් සිදුවීම්
නෙදර්ලන්ත තානාපතිනි නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනි, අතිගරු ජොඈන් ඩූන්වර්ඩ් මැතිණිය අද (ඔක්තෝබර් 12) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හමුවිය.
12 Oct 2017
නෝර්වේ තානාපතිතුමන් නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති, අතිගරු තෝර්බියෝන් ගස්ටඩ්සේදර් මහතා අද (ඔක්තෝබර් 12) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හමුවිය.
12 Oct 2017
මෙරට අත්අඩංගුවේ තිබූ තවත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 6 ක් යළි ඉන්දියාවට

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වීම හේතුවෙන් නාවික හමුදා අත්අඩංගුවට පත් තවත් ඉන්දියානු ට්‍රෝලර් යාත්‍රා 6 ක්, අළුත්වැඩියාවන් සිදු කිරීමෙන් අනතුරුව නැවත එරටට භාර දීම ඊයේ (ඔක්තෝබර් 11) සිදු කෙරිණි.
12 Oct 2017
නෙදර්ලන්ත රාජකීය නාවික හමුදා නියෝජ්‍ය ප්‍රධානී දකුණු නාවික විධානයේ සංචාරයක

නෙදර්ලන්ත රාජකීය නාවික හමුදා නියෝජ්‍ය ප්‍රධානී, මේජර් ජෙනරාල් එෆ්වී වෑන් ස්ප්‍රෑන්ග් මහතා ඊයේ (ඔක්තෝබර් 11) දකුණු නාවික විධානයේ සංචාරයක නිරත විය.
12 Oct 2017
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 5 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (ඔක්තෝබර් 11) රාත්‍රී ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීතී විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 5 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන ඇත.
12 Oct 2017
කේරළ ගංජා කිලෝග්‍රෑම් 153 ක් සොයා ගැනේ

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව උතුරු නාවික විධානයට අයත් පී 465 වේග ප්‍රහාරක යාත්‍රාවට අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් ඊයේ (ඔක්තෝබර් 11) වැල්වැටිතුරෙයි මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 153.7 ක් සොයා ගෙන ඇත.
12 Oct 2017