තුර්කි තානාපතිතුමන් නාවික හමුදාධිපතිතුමා හමුවෙයි
ශ්රී ලංකාවේ තුර්කි ජනරජ තානාපති, අතිගරු, ටුන්කා ඌෂුහාදාර් මහතා අද (සැප්තැම්බර් 28) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්රැවිස් සින්නයියා මහතා හමුවිය. එහිදී, ඔවුන් ද්වි පාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කීපයක් පිළිබඳව සුහද කතාබහක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.