වැදගත් සිදුවීම්
ගාලු කථිකාව 2017 මාධ්‍ය සාකච්ජාව නාවික හමුදා මුලස්ථානයේදී

2017 ඔක්තෝබර් මස 09 සහ 10 යන දෙදින තුළ පැවැත්වීමට නියමිත ගාලු කථිකාව - 2017 ජාත්‍යන්තර සාගරික සම්මන්ත්‍රණය පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ සාකච්ජාව අද (සැප්තැම්බර් 25) නාවික හමුදා මුලස්ථානයේදී පැවැත්විණි.
25 Sep 2017
ඉන්දීය යුද්ධ හමුදා ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නියෝජිත පිරිසක් නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ඉන්දීය යුද්ධ හමුදා ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නියෝජිත එයාර් කොමදෝරු සුරේෂ් හොලන්නාවර් මහතා ඇතුළු දුත පිරිසක් අද (2017 සැප්තැම්බර් 25) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හමු විය.
25 Sep 2017
නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයන් 9 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

දිවයිනේ ප්‍රදේශ කිහිපයක නීති විරෝධී ක්‍රියාවන් වල නිරත වූ පුද්ගලයන් 09 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් විය.
25 Sep 2017