කේරළ ගංජා කිලෝග්‍රෑම් 20.5 ක් නාවික හමුදාව විසින් සොයා ගැනේ.
 

තලෙයිමන්නාරම - කොළඹ තැපැල් දුම්රියේ ඊයේ දින (03) රාත්‍රි 10.45 ට පමණ සැක කටයුතු අසුරණ 02 ක් (පෙට්ටි 2ක්) නිරීක්ෂණය වීමෙන් අනතුරුව උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ වංකාලේ පොලිසියට අනුයුක්ත නිලධාරීන් එක්ව කළ සොදිසි කිරීමකදී පෙට්ටි තුළ සඟවා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 20.5 සොයා ගැනීමට හැකිවිය.

අනතුරුව මෙම කේරළ ගංජා තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා වංකාලේ පොළිසිය වෙත භාර දෙන ලදී.