උතුරු නාවික විධානය මගින් අක්ෂි කාච 100 ක් යාපනය රෝහල වෙත පරිත්‍යාග කරයි
 

උතුරු නාවික විධානය මගින් පසුගිය 19 වන දින අක්ෂි සැත්කම් සඳහා භාවිතා කරනු ලබන අක්ෂි කාච යුගල් 100 ක් යාපනය ශික්ෂණ රෝහල වෙත පරිත්‍යාග කිරීම සිදු කෙරිණි. ඒ අනුව, එම අක්ෂි කාච, උතුරු නාවික විධාන මූලස්ථානයේදී, නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතා විසින් යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක, වෛද්‍ය ටී සත්‍යමූර්ති මහතා වෙත පිරිනැමීම සිදු කෙරිණි.

‍නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් මෙම සනිටුහන් වන අතර, මේ සඳහා රොටරි සමාජ ප්‍රධාන මධ්‍යස්ථානය සහ ඉම්පැක්ට් පදනම මගින් අනුග්‍රහය ලබා දී ඇත.