ජ්‍යෙෂ්ඨ නාවිකයන් 100 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පය මත ආරම්භ කෙරුණු ජ්‍යෙෂ්ඨ නාවිකයින් වෙනුවෙන් පොළි රහිත රු. 500,000.00 ක ණය මුදල ප්‍රදානය කිරීමේ වැඩසටහනේ තවත් එක් පියවරක් අද (31) නාවික හමුදාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මුලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
ඒ අනුව, සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිති කර ගනිමින් ණය මුදල් පිරිනැමීමේ එකොළොස් වන අදියර වශයෙන්, මෙවර ජ්‍යෙෂ්ඨ නාවිකයින් 100 දෙනෙකු උදෙසා ප්‍රේශණපත් පිරිනැමීම උත්සවාකාරයෙන් සිදු කරන ලදී. මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා, අධ්‍යක්ෂ ජෙනරාල්වරුන්, ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ නාවිකයන් රැසක් සහභාගී වී සිටියහ.












