ඕස්ට්‍රේලියානු නාවික නිලධාරිනියක් දරු ප්‍රසූතියක් සඳහා සහාය වෙයි
 

ශාන්තිකර සහයෝගිතා වැඩසටහන 2017 ට සමගාමීව හම්බන්තොට වරාය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන සමාජ සත්කාරක සේවාවන්හි එක් අංගයක් ලෙස වෛද්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහන් කළ හැක. ඒ අනුව ඕස්ට්‍රේලියානු නාවික හමුදාවේ රාජකාරී නියුතු ලුතිනන් කොමාණ්ඩර් කෙම්ප් මහත්මිය විසින් ඊයේ (9) හම්බන්තොට මහ රෝහලේදී ශ්‍රී ලාංකික මවකට සිය කුළුදුල් දරුවා ප්‍රසූත කිරීම සඳහා එම වෛද්‍ය කාර්යය මණ්ඩලයට සහාය දැක්විය.