නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් 8 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අයත්, නිලාවේලිහි පිහිටි ශ්‍රී ලංකා නාවික විජයබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (4) පරෙවි දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

එහිදී ධීවර කටයුතු සඳහා යොදාගත් ඩිංගි යාත්‍රාවක්, කිමිදීම සඳහා යොදා ගන්නා මුහුණු ආවරණ 2ක්, පාවරල් යුගල් 2 ක් සහ තහනම් දැලක් ද අත්අඩංගුවට පත් වූ අතර, එම පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා නිලාවේලි, වන ජීවී දෙපාර්තමේන්තුව වෙත භාර දීමට කටයුතු කරන ලදී.