නාවික හමුදාව සහ පොලීසිය එක්ව කළ වැටලීමකදී නීතිවිරෝධී ලෙස සංක්‍රමණය වීමට උත්සාහ කළ සැකකරුවන් 18 දෙනෙකු අත්අඩංගුවට
 

නීති විරෝධී ලෙස මුහුදු මගින් සංක්‍රමණය වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් 18 දෙනෙකු නාවික හමුදා බුද්ධි අංශය සහ පොලීසිය එක්ව කළ වැටළිමකදි ඊයේ (23) අත්අඩංගුවට ගන්නා ලදී. මෙම පුද්ගලයින් පිරිස මීගමුව, කුට්ටදූව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

ඉදිරි විමර්ශන කටයුතු සඳහා මොවුන් පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි. සංක්‍රමණික නීතිය දැඩිව ක්‍රියාත්මක මෙම කාලයේ නීති විරෝධී ක්‍රම භාවිතා කරමින් කිසිසේත්ම පිටරට වලට යා නොහැකි අතර, ඒ සඳහා උත්සාහ කරන පුද්ගලයින් හට මිනිස් ජාවාරම්කරුවන්ගේ බහට රැවටී ජීවිත අවදානමට ලක්කර ගැනීමටත්, ධනය විනාශ කර ගැනීමටත්, අවසානයේ නීතියෙන් වරදකරුවන් වී බන්ධනාගාර ගතවීමෙන් අනාගතය අඳුරු කරගැනීමටත් සිදු වනු ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් සිදු කරන නිරන්තර මුර සංචාරයන් හා වෙරළ තීරය වටා ක්‍රියාත්මක වන බුද්ධි තොරතුරු ජාලය ඔස්සේ කිසිවෙකුටත් නීති විරෝධී සංක්‍රමණයන් සිදු කිරීමට කිසිදු විටෙක ඉඩ ප්‍රස්ථාව නොලැබෙනු ඇත.