නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත් පී 424 වේග ප්‍රහාරක යාත්‍රාවට අනුයුක්ත නාවික පුද්ගලයන් පිරිසක් විසින් ඊයේ (6) ඩෙල්ෆ් දූපතට දකුණින් වූ මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් අත්අඩංගුවට ගන්නා ලදී. අත්අඩංගුවට ගත් ධීවරයින් සහ භාණ්ඩ එළාර ආයතනය වෙත රැගෙන ඒමෙන් අනතුරුව ඉදිරි කටයුතු සඳහා යාපනය සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාර දෙන ලදි.