වැදගත් සිදුවීම්
තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 5 ක් ජනතා අයිතියට

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් ප්‍රජා සත්කාරක සේවාවන් කීපයක් සිදු කරගෙන යනු ලබයි.
06 Jan 2017
නව නිලධාරීන් හට පත්වීමේ ලිපි ප්රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 59 වන බදවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරීන් 28 දෙනෙකු හට සහ 2017 වර්ෂයේ පළමු ඉදුරාම බඳවා ගැනීමට අයත් නිලධාරීන් හා නිලධාරිනියන් 27 දෙනෙකු හට පත්වීමේ ලිපි ප්රදානය කිරීමේ උත්සවය අද (6) ශ්‍රී ලංකා රජයේ ඒකාබද්ධ ප්‍රධාන ජලමානක නිලධාරී සහ අධ්යක්ෂ ජෙනරාල් පුද්ගල, රියර් අද්මිරාල් සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
06 Jan 2017
අනතුරට පත් ඉන්දීය ධීවරයන්ට නාවික හමුදාවේ සහාය

නැගෙනහිර නාවික විධානයට අයත් ත්‍රිකුණාමලය නාවික තඨාකංගනයේ පිහිටි 4 වන වේග ප්‍රහාරක යාත්‍රා බලඝණයට අනුයුක්ත පී 4445 වේග ප්‍රහාරක යාත්‍රාවේ රාජකාරී නියුතු නාවිකයන් පිරිසක් විසින් ඊයේ (5) පොඩුවකට්ටු මුහුදු ප්‍රදේශයේදී පාවෙමින් තිබූ ධීවර යාත්‍රාවක සිටි ඉන්දීය ධීවරයින් 6 දෙනෙකු බේරා ගැනීමට සමත් විය.
06 Jan 2017