ජපන් නාවික හමුදාවට අයත් නෞකාවක් කොළඹ වරායට පැමිණේ
 

ජපාන ස්වයං ආරක්ෂක නාවික බලඝණයට අයත් “කිරිසමෙ” නෞකාව සුහදතාවය වර්ධනය කරගැනීම හා සැපයුම් අවශ්‍යතා ලබා ගැනීම සඳහා අද (4) කොළඹ වරායට සේන්දු විය. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගත් අතර, හෙට (5) දින නෞකාව දිවයිනෙන් පිටත්වීමට නියමිතය.