නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයන් 3 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 
 

තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 3 දෙනෙකු ස්ථාන දෙකකදී අත්ඩඅංගුවට ගැනීමට නාවික හමුදාව ඊයේ (5) සමත් විය. ඒ අනුව නැගෙනහිර නාවික විධානයට අයත් වාකරෙයි හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා කාශ්‍යප ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් කාත්තන්කුඩි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයන් 2 දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය. එහිදී තහනම් දැල් 19 ක්ද අත්අඩංගුවට පත් වූ අතර, එම පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මඩකළපුව ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

තවද, උතුරු මැද නාවික විධානයට අයත් නච්චිකුඩා හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් වලෙයිපාඩු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරත පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය. එහිදී ධීවර කටයුතු සඳහා යොදා ගත් තහනම් දැලක් ද අත්අඩංගුවට පත් වූ අතර, එම පුද්ගලයා සහ දැල මන්නාම ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.