නාවික හමුදා සංගමය මගින් දියත් කරනු ලබන පොපි මල් සැමරුමේ ආරම්භය සනිටුහන් කරමින් එහි සභාපති කපිතාන් (විශ්‍රාමික) ඩීඒ විජේගුණවර්ධන මහතා විසින් අද (4) දින නාවික හමුදා මූලස්ථානයේදී සමස්ථ නාවික හමුදාව වෙනුවෙන්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා වෙත පළමු පොපි මල පිළිගන්වන ලදී.