නාවික පුද්ගලයින්ගේ දුවාදරුවන්ට අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්රදානය නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ
නාවික රණවිරුවන්ගේ දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්රදානය කිරීම අද (16) කොළඹ, නාවික හමුදා මූලස්ථාන අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්වූ අතර, එම උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සහභාගී විය. ශ්‍රී ලංකා නාවික හමුදාව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව හා එක්ව යුනයිටඩ් මෝටර්ස් පුද්ගලික සමාගමේ අනුග්‍රහයෙන් නාවික රණවිරුවන්ගේ දූ දරුවන් 50 දෙනෙකු සඳහා මෙම ශිෂ්‍යත්ව ප්රදානය සිදු කිරීමත්, සවිබල ගිණුම එළිදැක්වීමත් මෙහිදී සිදු කරන ලදී.
ජනතාව ඉතිරිකිරීමට හුරු කිරීම තුළින් ඔවුන්ගේ අනාගතය සමෘදිමත් කිරීමත් රණවිරු පවුල්වල දුවා දරුවන්ගේ අධ්‍යාපනය ඔප්නැංවීම සඳහා දායකත්වය ලබා දීමෙන් ඔවුන්ගේ අනාගතය සවිබල ගැන්වීමත් මෙම කර්තව්‍යයේ අභිප්රායන් වේ. එහිදී නාවික හමුදාධිපතිතුමා විසින් නාවික පවුල්වල දූ දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්රදානය කිරීම සහ සවිබල ගිණුම් හිමියන් සඳහා ගිණුම් පොත් ලබා දීම සිදු කරන ලද අතර, දැයේ අනාගතය වූ දූ දරුවන්ට කුඩා කාලයේදීම ඉතිරිකිරීමට හුරු කිරීම සහ ඔවුන්ගේ අධ්‍යාපනය සාර්ථක කර ගැනීමට උරදීම සම්බන්ධයෙන් ජාතික ඉතිරිකිරීමේ බැංකුවට සහ යුනයිටඩ් මෝටර් පුද්ගලික සමාගමට සිය හෘදයාංගම ස්තූතිය පුද කරන බවද නාවික හමුදාධිපතිතුමා එහිදී ප්‍රකාශ කරන ලදී.
මෙම අවස්ථාවට නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා ඇතුළු නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල්වරුන්, ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන්, නාවික පුද්ගලයන්, ජාතික ඉතිරි කිරිමේ බැංකුවේ සභාපති අස්වින් ද සිල්වා මහතා, සාමාන්‍යාධීකාරී එස්.ඩී.එන්. පෙරේරා මහතා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයින්, යුනයිටඩ් මෝටර්ස් සමාගමේ ප්‍රධාන විධාක නිලධාරි චානක යටවර මහතා, මූල්‍ය අධ්‍යක්ෂක ආෂික් ලෆීර් මහතා ඇතුළු සාමාන්‍යාධිකාරිවරුන් සහ ශිෂ්‍යත්වලාභී නාවික පවුල්වල සාමාජික සමාජිකාවන් මෙන්ම දූ දරුවන් ද සහභාගී විය.
































