පසුගිය දින ජපානයේ නගෝයා හිදී අවසන් වූ ද්විපාර්ශ්වික සමුළුවේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතිතුමා සහ ජපාන අග්‍රාමාත්‍ය අතිගරු ශින්ෂෝ අබේ මැතිතුමා විසින් සිදු කරන ලද සාකච්ඡා අතරතුරදී නීතිමය පාලනයකට නතුව නාවික කටයුතු පවත්වාගෙන යාම සහ ඈත මුහුදේ උපද්‍රවයකින් තොරව නාවික කටයුතු පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබදව අවධාරණය කෙරිණි.