වැදගත් සිදුවීම්
ඉන්දීය නාවික හමුදාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව ඒකාබද්ධ වෛද්‍ය කඳවුරක් පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද ඒකාබද්ධ වෛද්‍ය කඳවුරක් අද (23) දින නෙළුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී පවත්වන ලදී.
23 Jan 2016
රියර් අද්මිරාල් රව්නීට් සිං මහතා ඉන්දීය සාමසාධක හමුදා ස්මාරකයට පුෂ්පෝපහාර දක්වයි

සුහද සංචාරයක් සඳහා පසුගිය 21 වන දින ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය නෞකාවන් හි ජ්‍යෙෂ්ඨ නිලධාරියා වශයෙන් පැමිණි ඉන්දීය නාවික හමුදාවේ බටහිර දියත් විධානයට අණදෙන ධජ නිලධාරී රියර් අද්මිරාල් රව්නීට් සිං මහතා බත්තරමුල්ලේ පිහිටි ඉන්දීය සාමසාධක සෙබළුන් සිහිකිරිම සඳහා ඉදිකර ඇති විශේෂ ස්මාරකය වෙත අද (23) උදෑසන පුෂ්පෝපහාර දක්වන ලදී.
23 Jan 2016
ඉන්දීය නැව් මුළුව වෙනුවෙන් නාවික හමුදාවෙන් සංස්කෘතික සංදර්ශණයක්

වික්‍රමාදිත්‍ය නෞකාවේ හා මයිසූර් නෞකාවේ නැව් මුළුව වෙනුවෙන් ජනවාරි මස 21 සහ 22 යන දිනයන්හි නාවික හමුදා මූලස්ථානයේ දී වර්ණවත් සංස්කෘතික සංදර්ශණයන් පැවැත්විණි.
23 Jan 2016
සුහද සංචාරයක් සඳහා පැමිණි “වික්‍රමාදිත්‍ය” නෞකාවේ දී වර්ණවත් පිළිගැනීමේ උත්සවයක් පවත්වයි

උණුසුම් ආගන්තුක සත්කාරය ප්‍රදර්ශණය කරමින්, “වික්‍රමාදිත්‍ය” නෞකාවේ දී වර්ණවත් පිළිගැනීමේ උත්සවයක් ජනවාරි 22 වන දින සන්ධ්‍යාවේ සංවිධානය කර තිබිණි.
23 Jan 2016
224 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයන් 385 දෙනෙකු විසිර යති

ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ 224 වන බඳවා ගැනීමට අයත් නාවිකයන් 385 දෙනෙකු සිය මුලික පුහුණුව නිමකොට 2016 ජනවාරි මස 22 වන දින විසිර යන ලදී.
23 Jan 2016