වැදගත් සිදුවීම්
එක්සත් ජනපද තානාපති දකුණු නාවික විධාන ආඥාපති හමුවෙයි

ශ්රී ලංකාවේ හා මාලදිවයිනේ එක්සත් ජනපද තානාපති අතිගරු අතුල් කේෂප් මහතා ජනවාරි මස 14 වන දින ගාල්ල, දකුණු නාවික විධාන මූලස්ථානයේදී, දකුණු නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් ජගත් රණසිංහ මහතා හමුවිය.
16 Jan 2016
තහනම් දැල් භාවිතා කරමින් මසුන් මැරූ ලාංකික ධීවරයින් 22 දෙනෙකු අත්අඩංගුවට

කල්පිටිය, ශ්රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින්, කොණ්ඩච්චි සහ කරෙයිතිව් අතර මුහුදු ප්රදේශයේ නීති විරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ශ්රී ලාංකික ධීවරයින් 22 දෙනෙකු සමග ඩිංගි යාත්රා 6ක් ජනවාරි මස 14 වන දින අත්අඩංගුවට ගන්නා ලදී.
16 Jan 2016