සීආර් ඇන්ඩ් එෆ්සී පිල පරදා නාවික හමුදා රග්බි පිල ජය ලබයි
නාවික හමුදා රග්බි පිල හා සීආර් ඇන්ඩ් එෆ්සී පිල අතර අද (02) කොළඹ සීආර් ඇන්ඩ් එෆ්සී පිටියේ පැවති ඩයලොග් අන්තර් සමාජ ‘ඒ’ කොටසේ ලීග් රග්බි තරඟයේ පළමු වටයෙන් 21-20ක් ලෙස ජය ගැනීමට නාවික හමුදා රග්බි පිල සමත්විය. එහිදී දක්ෂතා දැක්වූ නාවික හමුදා රග්බි පිල උත්සාහක දිනුම් 2ක්, ප්‍රවර්තන දිනුමක් සහ දඬුවම් පහර 3ක් ලබාගත් අතර, සීආර් ඇන්ඩ් එෆ්සී පිල උත්සාහක දිනුම් 2ක්, ප්‍රවර්තන දිනුම් 2ක් සහ දඬුවම් පහර 3ක් ලබාගැනීමට සමත්විය.
![](assets/images/news/event_news/2016/january/2016_01_02/1.jpg)
![](assets/images/news/event_news/2016/january/2016_01_02/2.jpg)
![](assets/images/news/event_news/2016/january/2016_01_02/3.jpg)
![](assets/images/news/event_news/2016/january/2016_01_02/4.jpg)