2015 අන්තර් විධාන පැසිපන්දු ශූරතාවලිය

2015 අන්තර් විධාන පැසිපන්දු ශූරතාවලිය, නාවික හමුදාවේ සියළුම විධාන පැසිපන්දු කණ්ඩායම්වල සහභාගීත්වයෙන් ඔක්තෝබර් මස 12 වන දින සිට 17 වන දින දක්වා මුල්ලිකුලම්හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා භරණ ආයතනයේදී පැවැත්විය. මෙහි අවසන් තරඟයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් වයඹ නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා සහභාගී විය.

මෙම තරඟාවලියේදී උතුරු නාවික විධානය පරාජයට පත්කරමින් පිරිමි අංශයේ ශූරතාවය දිනා ගැනීමට පුහුණු විධානය සමත්වුණු අතර, බටහිර නාවික විධානය පරදවමින් කාන්තා අංශයේ ශූරතාවය හිමි කර ගැනීමට උතුරු මැද නාවික විධානය සමත්විය. එහිදී දක්ෂතම පැසිපන්දු ක්‍රීඩකයා වශයෙන් පුහුණු විධාන කණ්ඩායම නියෝජනය කළ මධ්‍ය නිලධාරී යූබී එදිරිවීර කුසලාන හිමිකරගත් අතර, උතුරු මැද නාවික විධාන කණ්ඩායම නියෝජනය කළ බල කාන්තා නාවික ඩබ්ඩීඩබ් පෙරේරා දක්ෂතම පැසිපන්දු ක්‍රීඩිකාව වශයෙන් කුසලාන හිමි කර ගන්නා ලදී.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නාවික හමුදා පැසිපන්දු ක්‍රීඩා සංචිතයේ සභාපති කපිතාන් හරින්ද්‍ර ඒකනායක මහතාද එක්විය.