ශ්‍රී ලාංකික ධීවරයින් 22 දෙනෙකු අත්අඩංගුවට ගැනේ

සිලාවතුර, ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් නීති විරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ධීවරයින් 5 දෙනෙකු සමග ඩිංගි යාත්‍රාවක් සහ සුරුක්කු දැලක් ඊයේ (14) දහවල් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලදී. අත්අඩංගුවට ගත් පුද්ගලයින් සහ ධීවර ආම්පන්න ඉදිරි විමර්ශන කටයුතු සඳහා මන්නාරම සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාරදීමට කටයුතු කෙරිණි.

තවද, පොතුවිල් මුහුදු තීරයේ මුර සංචාරයේ යෙදී සිටි නාවික යාත්‍රාවක්, එම මුහුදු තීරයේ නීතිවිරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ධීවරයින් 17 දෙනෙකු සමග මාදැලක් අතුඅඩංගුවට ගැනීම සඳහා පොතුවිල් පොලීසියට හා ධීවර බලධාරීන්ට සහය විය. මෙම ධීවරයින් පිරිස පිළිබඳ ඉදිරි කටයුතු පොතුවිල් පොලීසිය හා පොතුවිල් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් සිදු කිරීමට නියමිතය.