නාවික හමුදා අභ්‍යන්තර දුරකථන අංකනය වෙනස් කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදාවේ අංක හතරකින් සමන්විත අභ්‍යන්තර දුරකථන අංකනය, අංක පහ දක්වා වෙනස් කොට ඇත. එම පරිවර්තනය අදියර දෙකකින් සිදුකරන ලද අතර, 2015 ජුලි මස 20 වන දින සිට ක්‍රියාවට නැංවුනු පළමු අදියරින් බටහිර, දකුණු සහ ගිනිකොනදිග නාවික විධානයන් ආවරණය කෙරුණු අතර, 2015 ජුලි මස 27 වන දින සිට ක්‍රියාවට නැංවුනු දෙවන අදියරින් නැගෙනහිර, උතුරු, උතුරු මැද සහ වයඹ නාවික විධානයන් ආවරණය කෙරිණි.
නව දුරකථන අංක පරිවර්තනය පහත නිදසුනින් දැක්වෙන පරිදි සිදුකෙරේ.
නාවික හමුදා මුලස්ථානය | 11xxx, 12xxx, 14xxx, 15xxx |
බටහිර නාවික විධානය | 13xxx, 16xxx |
දකුණු නාවික විධානය | 18xxx, 19xxx |
ගිනිකොනදිග නාවික විධානය | 17xxx |
නැගෙනහිර නාවික විධානය | 61xxx, 62xxx, 66xxx, 67xxx |
වයඹ නාවික විධානය | 64xxx |
උතරු මැද නාවික විධානය | 65xxx |
උතුරු නාවික විධානය | 68xxx, 69xxx |
බාහිර දුරකථන ජාල මගින් ඇමතිමේදී පහත දැක්වෙන අංකයන් පළමුව යෙදිය යුතුවේ.
- අංක 1 න් පටන්ගන්නා අභ්‍යන්තර දුරකථන අංක සඳහා 011 221 xxxx
- අංක 6 න් පටන්ගන්නා අභ්‍යන්තර දුරකථන අංක සඳහා 026 226 xxxx