වැදගත් සිදුවීම්
අභිමානවත් 78 වැනි ජාතික නිදහස් දිනයට සමඟාමීව ශ්‍රී ලාංකීය ජාතියට ගෞරව පිණිස නාවික හමුදාව ආචාර වෙඩි මුර 25 ක් පිරිනමයි
‘ගොඩනගමු ශ්‍රී ලංකා’ යන තේමාව පෙරදැරිව පැවති 78 වැනි අභිමානවත් ජාතික නිදහස් දිනයට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජාතියට ගෞරව කිරීම වෙනුවෙන් ආචාර වෙඩිමුර 25ක් පිරිනැමීම, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ගේ උපදෙස් හා මඟ පෙන්වීම මත, ගාලු මුවදොර ඉදිරිපස මුහුදේදී ශ්‍රී ලංකා නාවික නෞකා සයුර නෞකාව මත සිට, අද (2026 පෙබරවාරි 04) මධ්‍යහ්න 1200 පැයට සයුර නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් කොන්රඩ් අන්නතුගොඩ ගේ මෙහෙයවීමෙන් සිදු කෙරිණි.
04 Feb 2026
78 වැනි ජාතික නිදහස් දින සැමරුම් උළෙල සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව මහත් අභිමානයෙන් යුතුව සහභාගී වෙයි
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක, ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා ගේ ප්‍රධානත්වයෙන් “ගොඩනගමු ශ්‍රී ලංකා” යන තේමාව පෙරදැරිව, කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී අද (2026 පෙබරවාරි 04) පෙරවරුවේ පැවති 78 වැනි ජාතික නිදහස් සැමරුම් උළෙල සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව මහත් අභිමානයෙන් යුතුව සහභාගී විය.
04 Feb 2026
නාවික හමුදාව මඟින් ස්ථාපනය කළ 1148 වැනි ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථානයක් පොළොන්නරුවේදි ජනතා අයිතියට
නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අරලගංවිල ගම්මානයේ ස්ථාපනය කල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය (01) 2026 ජනවාරි මස 29 වැනි දින ජනතා අයිතියට පත් කෙරිණි.
01 Feb 2026
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් වශයෙන් කටයුතු කරනු ලබන ගරු මැතිව් ඩක්වර්ත් මහතා (Mr Matthew Duckworth) නිල හමුවක් සඳහා 2026 ජනවාරි මස 30 වැනි දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමු විය.
31 Jan 2026
ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිනව ජල මානක ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන වැඩ භාර ගනියි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජල මානක ප්‍රධානී ලෙස පත් වූ රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන, ශ්‍රී ලංකා නාවික හමුදා ජල ශාස්ත්‍රීය සේවා කාර්යාලයේදි (SLNHS) 2026 ජනවාරි මස 01 වැනි දින වැඩ භාර ගැනීම සිදුකෙරිණි.
31 Jan 2026
National Taekwondo Kyorugi Championship - 2026 තරඟාවලියේදි නාවික හමුදාව ජයග්‍රහන රැසක් දිනා ගනියි
ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනය විසින් සංවිධානය කරන ලද, National Taekwondo Kyorugi Championship - 2026 ශූරතාවලියේදී, විශිෂ්ඨ දක්‍ෂතා පෙන්නුම් කරමින් නාවික හමුදාව රන් පදක්කම් දෙකක් (02), රිදී පදක්කම් තුනක් (03) සහ ලෝකඩ පදක්කම් හතරක් (04) දිනා ගැනීමට 2026 ජනවාරි මස 25 වැනි දින සමත් විය.
29 Jan 2026
Pre Command Training (PCT) XIV පාඨමාලාව ත්‍රිකුණාමලයේදී සාර්ථකව නිමාවට පත් වෙයි
ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවන්ගේ අණභාර ගැනීමට නියමිත නිලධාරීන් වෙනුවෙන් නාවික හමුදා දියත් විධානය විසින් පවත්වන ලද දහ හතර වැනි (14) පුහුණු පාඨමාලාව (Pre Command Training - PCT 02/2025) 2026 ජනවාරි මස 23 වැනි දින ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී සාර්ථකව නිමාවට පත්වූ අතර, එහි සහතිකපත් ප්‍රදානය, ධජ නිලධාරී දියත් විධානය, කොමදෝරු දනේෂ් පත්බේරියගේ ආරාධනයෙන්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
29 Jan 2026
Pre Command Training (PCT) XIV පාඨමාලාව ත්‍රිකුණාමලයේදී සාර්ථකව නිමාවට පත් වෙයි
ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවන්ගේ අණභාර ගැනීමට නියමිත නිලධාරීන් වෙනුවෙන් නාවික හමුදා දියත් විධානය විසින් පවත්වන ලද දහ හතර වැනි (14) පුහුණු පාඨමාලාව (Pre Command Training - PCT 02/2025) 2026 ජනවාරි මස 23 වැනි දින ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී සාර්ථකව නිමාවට පත්වූ අතර, එහි සහතිකපත් ප්‍රදානය, ධජ නිලධාරී දියත් විධානය, කොමදෝරු දනේෂ් පත්බේරියගේ ආරාධනයෙන්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
29 Jan 2026
“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතිය යටතේ ගාල්ල ධීවර වරාය පිරිසිදු කිරීමේ වැඩසටහනක් සඳහා නාවික හමුදාව දායක වෙයි
“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහන යටතේ ගාල්ල ධීවර වරාය පිරිසිදු කිරීමේ වැඩසටහනක් සඳහා නාවික හමුදාවේ සමාජ සත්කාරක දායකත්වය ලබාදීමට 2026 ජනවාරි මස 24 වැනි දින කටයුතු කෙරිණි.
27 Jan 2026
නාවික හමුදාව විසින් මුලතිව් මහ රෝහලේදී ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වයි
නාවික හමුදාවේ තවත් සමාජ සත්කාර්යයක් ලෙස සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක්, 2026 ජනවාරි මස 23 දින මුලතිව් මහ රෝහලේ දී සාර්ථකව පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
26 Jan 2026


